Saturday, June 27, 2020

අභියෝග්‍යතාව සහ බුද්ධි පරීක්ෂණය 2020.06.27



01. විමලා, රාධා, ආමිනා ලිපිකාරිණියන් තිදෙනෙකි. නිමල් හා නාදන් ලිපිකරුවන් දෙදෙනෙකි. තව ද ආමිනා හා නාදන් ආධුනිකයන් ය.

මොවුන් අතරින් තිදෙනෙකුගෙන් යුත් සේවක සුබ සාධක කමිටුවක් පත් කර ගැනීමට අවශ්‍යව ඇත. එහිදී වෙනත් කාන්තාවක් නොමැතිව කමිටුවේ සේවය කිරීමට ආමිනා අකමැතිය. ජ්‍යෙෂ්ඨතම ලිපිකරු වන නිමල් ආධුනිකයෙකු සමග එකම කමිටුවේ සේවය කිරීමට අකමැතිය.

මේ අනුව පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.


1. ඉහත තොරතුරු අනුව කමිටුව කී ආකාරයකට තෝරා ගත හැකිද?

(1) 2                (2) 3                (3) 4                (4)5

 

2. කමිටුවට තෝරා ගැනීමට අඩුම සම්භාවිතාවක් ඇත්තේ කාටද?

(1) ආමිනා                   (2) නිමල්                    

(3) රාධා                      (4) නාදන්

 

3. කමිටුවට තෝරා ගැනීමට වැඩිම ප්‍රවණතාවක් ඇත්තේ කාටද?

(1) ආමිනා සහ විමලා          (2) ආමිනා සහ නාදන් 

(3) රාධා සහ නාදන්             (4) විමලා සහ රාධා

 

4. යටත් පිරිසෙයින් එක් ආධුනිකයෙකුවත් ඇතුලත් කමිටුවක් කී ආකාරයකට සැකසිය හැකිද?

(1) 1                (2) 2                (3) 3                            (4) 4


5. ආධුනිකයන් එක් අයෙකුට වඩා ඇතුලත් නොවන කමිටුවක් කී ආකාරයකට සැකසිය හැකිද?

(1) 1                (2) 2                (3) 3                            (4) 4

 

 

02. හිස් තැනට එන සංඛ්‍යාව සොයන්න.

72
69
64
57
48
?

Saturday, June 20, 2020

අභියෝග්‍යතාව සහ බුද්ධි පරීක්ෂණය 2020.06.21

01. ලසිතගේ වයස මෙන් තිසරගේ වයස 6/7 කි.  කි. දෙදෙනාගේ වයස් අතර පරතරය අවුරුදු 5කි. තිසරගේ වයස කීයද?

02. කාරයක් පැයට කිලෝ මීටර් 60ක වේගයෙන් ගමන් කරයි. බස් රථයක් තත්පරයට මීටර 20ක වේගයෙන් ගමන් කරයි නම් වඩා වේගවත් වන්නේ කුමන වාහනයද?

පිළිතුරු

01. ලසිතගේ වයස = L

       L - L * 6/7  = 5
       L =35
     
       T = 6/7  L
              30  (තිසරගේ වයස)



02. බසයේ වේගය (kmh-1)

       20  * 18      /  5
       =72kmh-1
 
       කාරයේ වේගය = 60kmh-1

වේගය වැඩිම  = බසය






   





Friday, June 19, 2020

අභියෝග්‍යතාව සහ බුද්ධි පරීක්ෂණය 2020.06.20

1.ධාරිතාවෙන් 3/4 ක් දැනටමත් පිරි ඇති ටැංකියකට ජලය ලීටර් 6ක් එකතුකළ විට එහි ධාරිතාවය 9/10ක් පුරවාලයි . මෙම ටැංකියට ලීටර් කියක් දැරිය හැකිද?

2.සංදර්ශන පුවරුවක ඇති වෙනස් වූ වර්ණ තුනකින් යුත් විදුලි බුබුළු පිලිවෙලින් සෑම  තත්පර 14,20,24   කට වරක් දැල්වේ . සෑම විදුලි බුබුලක්ම පෙ.ව 7.00 ට එකවර දැල්වෙයි නම් නැවත වරක් ඒවා එකවර දැල්වෙන්නේ කුමන වෙලාවටද ?


 පිළිතුරු

1.ධාරිතාවයෙන් 9/10 හා 3/4  අතර වෙනස = ලීටර් 6
    9/10- 3/4                                                     = ලීටර් 6
  ( 18-15)/20                                                    = ලීටර් 6
    3/20                                                             = ලීටර් 6

ටැංකියේ මුළු ධාරිතාවය                               =  ලීටර් 6/3 *20
                                                                        = ලීටර් 40 කි

2.කු.පො.ගු.   = 2*2*2*3*5.*7=  840
   තත්පර 840=  මිනිත්තු 840/60= 14
   විදුලි බුබුළු තුනම එකවර නැවත දැල්වෙන්නේ = පෙ.ව. 7.14

Wednesday, June 17, 2020

අභියෝග්‍යතාව සහ බුද්ධි පරීක්ෂණය 2020.06.18

.ජයදේව , දේව මෙන් දෙගුනයක් වේගයෙන් දුවයි. එක්තරා මොහොතකදී දේවට මීටර් 200ක් ඉදිරියෙන් සිටින අතර, තප්පර 50 කින් ජයදේව  දේව පසුකර යයි. තත්පර 40 කදී දේව දුවන දුර කොපමණද ?

2.මාසික පරීක්ෂණයකට සිසුන් 12 දෙනෙකු ලබාගත් ලකුණුවල සාමාන්‍ය 70% වූ අතර  තවත් සිසුන් 18 දෙනෙකුගේ ලකුණුවල සාමාන්‍ය 80% ක් නම් පන්තියේ සියලුම සිසුන්ගේ ලකුණුවල සාමාන්‍ය කියද ?

Tuesday, June 16, 2020

අභියෝග්‍යතාව සහ බුද්ධි පරීක්ෂණය 2020.06.17

1. ක්‍රිකට් කණ්ඩායමක් තරග 68 කට සහභාගී වී ඉන් සියයට 40 ක් ජයගත් අතර පසුව පැවති තරග 12 ම ජය ගන්නා ලදී. දැන් කණ්ඩායමේ ජයග්‍රාහී ප්‍රතිශතය කුමක්ද ?


රොටී නොකෑවෝ ඉදිආප්පද නොකෑහ. පිට්ටු කෑවේ ආප්ප කෑ අය පමණි. රොටීත් ආප්පත් දෙකම කෑ අය ඉදි ආප්ප හා පිට්ටු නොකෑහ.සිරිපාල පිට්ටු කෑවේය.
i..ඔහු කෑ අනික් වර්ගය මොනවාද ?
ii.ඉහත තොරතුරු අනුව සිරිපාල නොකෑවේ මොනවාද ?

Thursday, June 11, 2020

අභියෝග්‍යතාව සහ බුද්ධි පරීක්ෂණය 2020.06.16

1 සිට 7 දක්වා ප්‍රශ්න සදහා පිළිතුරු සපයන්න.

තොරතුරු....කර්නේලිස්, අමාරිස්, සුවාරිස්, සර්නේලිස් හා මර්තේලිස් නුවරඑළිය, මාතර, මාතලේ හා කෑගල්ල ප්‍රදේශ වල පේරාදෙණි සරසවි වරම් ලැබූ මිතුරන් පස්දෙනෙකි. ඔවුන්ගේ සිව්දෙනෙකුම තම උපන් ප්‍රදේශයේම දෙමාපියන් සමග සිටින අතර එක් අයෙකු පමණක් මහනුවර නේවාසිකව සිටී. ඔවුන් වයිද්‍ය , ඉoජිනේරු, නීති, කලා හා වාණිජ අoශයන්හි අධ්‍යාපනය ලබයි. ක්‍රිකට්, රගර්, හා පා පන්දු ක්‍රීඩාවන්ද ප්‍රියතම ක්‍රීඩාවන් වේ. ඔවුන්ගේ පෙම්වතියන් සමාජ විද්‍යා හා දන්ත වයිද්‍ය පීඨ වල අධ්‍යාපනය ලබති.ඉහත දත්ත පිළිවලකට නොවේ.
නේවාසිකව සිටින මිතුරාගේ පෙම්වතිය සමාජ විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබයි.මාතලේ පදිoව් මිතුරන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ පෙම්වතිය කෘෂිවිද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන අතර අනිකාගේ පෙම්වතිය දන්ත වයිද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබයි.
නුවර එළියේ පදිoචි මිතුරා ඉoජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබයි. කෑගල්ලේ පදිoචි මිතුරා පා පන්දු වලට ප්‍රිය වේ. ඔහු නේවාසිකාගාරව ජීවත් වෙන්න අප්‍රිය වේ.
රගර් වලට ප්‍රිය අමාරිස් මාතලේ පදිoචි නීති පීඨයේ අධ්‍යාපනය ලබන්නෙකි.
නුවරඑළියේ මව්පියන් සමග පදිoව් කර්නේලිස් ක්‍රිකට් වලට ප්‍රියය.
පෙම්වතියන් අතරින් දෙදෙනෙකු දන්ත වයිද්‍ය පීඨයේද දෙදෙනෙකු කෘෂිපීඨයේද අධ්‍යාපනය ලබයි.
සුවාරිස් ක්‍රිකට් වලට ප්‍රියය.ඔහු කලා පීඨයේ අධ්‍යාපනය ලබයි.මව්පියන් සමග මාතලේ පදිoචිය.
සර්නේලිස් පාපන්දු වලට ප්‍රියය. ඔහු වාණිජ පීඨයේ අධ්‍යාපනය ලබයි. .
මාතරින් සරසවියට තේරුණු කෙනා රගර් වලට ප්‍රියය.
අමාරිස්ගේ මෙන්ම සර්නේලිස්ගේ පෙම්වතියන් කෘෂිවිද්‍යා පීඨයේ ඉගෙනුම ලබයි.

1.නේවාසික තැනැත්තා වූයේ

2.ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රිය කරන මිතුරෙකු වන්නේ

3.මර්තේලිස් අධ්‍යාපනය ලබනුයේ

4.මාතලේ පදිoචි දෙදෙනා වන්නේ

5.දන්ත වයිද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන පෙම්වතියන් දෙදෙනා සිටිනුයේ

6.මාතලේ පදිoචි දෙදෙනාගේ ප්‍රියතම ක්‍රීඩාවන් වූයේ

7.නුවරඑළියේ පදිoචිකරුවා වන්නේ

අභියෝග්‍යතාව හා බුද්ධි පරීක්ෂණ 2020. 06. 12

1. ඔරලෝසුවක 11 නාද කිරීම සඳහා තත්පර 30 ක් ගතවේනම් 8 නාද කිරීමට ගතවන කාලය කොපමණ ද?
2. නගර දෙකකින් එක ම වේලාවේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන්ට ගමන් ආරම්භ කළ X හා Y රථ දෙකක වේගයන් පිළිවෙළින් පැ. කි. මී. 40 ක් සහ පැ. කි. මී. 50 කි. එකිනෙකට හමුවන  මොහොතේදී එක් රථයක් අනෙකට වඩා කිලෝ මීටර 60 ක් ගමන් කර තිබුණිනම්, නගර දෙක අතර දුර කොපමණ ද ?

අභියෝග්‍යතාවය හා බුද්ධි පරික්ෂණය 2020.06.11

1.අමල් සිය බිරිද හා අවුරුදු 8 ක් වයසැති කුඩා පුතු සමග නුවර සිට මාවතගමට බසයෙන් යෑමේදී බස් ගෙවූ මුළු ගාස්තුව රු 80 කි. නුවර සිට මාවතගම දක්වා එක් අයෙකුට බස් ගාස්තුව කීයද ?
2. ÷ ලකුණින් × කිරීමත් , × ලකුණින් ÷ ත් , + ලකුණින් - කිරීමත් , - කිරීමේ ලකුණින් + අදහස් වේ නම්, 16 × 4 - 2 ? 3 = 10 ප්‍රකාශනයේ ? ට ආ යුත්තේ

Tuesday, June 9, 2020

අභියෝග්‍යතාවය හා බුද්ධි පරික්ෂණය 2020.06.10

1. රවුම් හැඩති මේසයක් වටා එක්තරා සමාගමක  අධ්‍යක්ෂ මණ්ඩලය සාකච්ඡාවක් සඳහා වාඩි වී සිටී. ගුණසිංහ, සූරසිංහ, අබේසිංහ, මාරසිංහ,  දුනුසිංහ හා වලිසිංහ මහතා යන අධ්‍යක්ෂකවරු මෙසේ සාකච්ඡාවක නිරත ව සිටින අතර අබේසිංහ මහතා දුනුසිංහ මහතාට දකුණු පසින් තෙවැනියා  ලෙස සිටි. වලිසිංහ මහතා අබේසිංහ මහතාට යාබදව අසුන්ගෙන සිටි. දුනුසිංහට වම් පසින් සිව් වැනියා ලෙස අසුන් අසුන්ගෙන සිටින්නේ මාරසිංහ මහතා වන අතර මාරසිංහ සිටින්නේ ගුණසිංහට යාබද අසුනේ ය. ඔහු  ගුණසිංහ මහතා ට දකුණු පසින්ද දුනුසිංහ මහතාට වම් පසින් සූරසිංහ ද මහතා අසුන්ගෙන සිටි.

i. දුනුසිංහට දකුණු පසින් සිටින්නේ කරුන් ද
ii. අබේසිංහ දෙපස සිටින්නේ  කවුද?
iii. ගුනසිංහගේ වම් පසින් දෙවනියා ලෙස සිටින්නේ කවුද ?

2. වඩා ගුණාත්මක මිරිස් කුඩු  කිලෝ එකක් රුපියල් 400 බැගින් ද ගුණාත්මකභාවයෙන් අඩු  මිරිස් කුඩු කිලෝ එකක් රුපියල් 300 බැගින් ද ගෙන ආ නිමල් මෙම මිරිස් කුඩු වර්ග දෙක 3:2 අනුපාතයට මිශ්‍ර කළ හොත් මිශ්‍රකල මිරිස්කුඩු ලාභ හෝ පාඩු නොමැතිව විකිණිය හැකි මිල සොයන්න.

පිළිතුරු
1.
i. ගුණසිංහ
ii. වලිසිංහ & මාරසිංහ
iii. සූරසිංහ




2. මිශ්‍රකර මිරිස් කුඩු වල මිල y ඇයි ගනිමු

(400-y )       2
------------ =   ---
(y -300)       3

1200 -3y = 2y -600
1800 = 5y
y = 360
 එම  නිසා මිරිස්කුඩු ලාභ හෝ පාඩු නොමැතිව විකිණිය හැකි මිල = රුපියල්  360


Monday, June 8, 2020

අභියෝග්‍යතාවය හා බුද්ධි පරික්ෂණය 2020.06.09


1.මා භාණ්ඩයක මිල ලකුණු කරනුයේ එය ගත් මිලට වඩා 20% ක් වැඩියෙනි. එක් භාණ්ඩයක් අත්පිට මුදලට විකිණීමේදී 5% ක කාසි වට්ටමක් දෙන නිසා මාගේ ලාභය රුපියල් 10.50 විය. මා භාණ්ඩය ලකුණු කල මිල කීයද?

2.පියා,මව,දුව හා පුතාගේ වයස්වල එකතුව අවු 130කි.පියා මවට වඩා අවුරුදු 10ක් වැඩිමල් වන අතර දුව මවට වඩා අවුරුදු 26කින් බාලය. දුවට වඩා පුතා අවුරුදු 4 ක් වැඩිමල් නම්,මේ අයගේ වයස වෙන වෙනම සොයන්න.



පිළිතුරු

01.

භාණ්ඩය ගත් මිල A නම්,

(ලකුණු කල මිල)
20% කින් වැඩි කල පසු අගය= මුල් මිල+වැඩි වූ අගය

A+A×20/100 = A+0.2A = 1.2A

(කාසි වට්ටම දුන් පසු)
5% කින් අඩු කල පසු අගය = වැඩි වූ පසු මිල - මුල් මිල

1.2A - 1.2A ×  5/100
1.2A - 0.06A = 1.14A

කාසි වට්ටම දුන් පසු මාගේ ලාභය = විකිණුම් වටිනාකම - මුල් මිල
1.14A - 1A
10.5 = 0.14A (රු:10.5 ලෙස ගැටලුවේ දී තිබේ)
A = 10.5/0.14
    = 75

ලකුණු කල මිල = 1.2A
                                = 1.2×75
                                = 90//

02.
පියාගේ වයස = 10+මවගේ වයස
මවගේ වයස = 26+දුවගේ වයස
පුතාගේ වයස = 4+දුවගේ වයස

දුවගේ වයස x නම්,

පුතාගේ වයස = 4+X
මවගේ වයස = 26+X
පියාගේ වයස = 10+(26+X)
                            =36+X
පියා,මව,පුතා හා දුවගේ වයස්වල එකතුව=130 

130 = (36+X)+(26+X)+(4+X)+X
130 = 66+4X
130-66 = 4X
64        =4X
64/4    = X
X          = 16

දුවගේ වයස = 16//
පුතාගේ වයස = 4+X=4+16= 20//
මවගේ වයස=26+X=26+16= 42//
පියාගේ වයස=36+X=36+16=52//

අභියෝග්‍යතාවය හා බුද්ධි පරීක්ෂණය 2020.06.08

1.වෙළද සැලක සැමන් ටින් වර්ගයක් චතුරස්‍රාකාර ලෙස අසුරා ඇති අතර ඉහළින්ම එක් ටින් එකකුත්, පහළම තට්ටුවේ එක් පැත්තකට ටින් 8කුත් ලෙස වූයේ නම් සම්පූර්ණ ටින් ප්‍රමාණය?




2.සුමිත්,ලලිත්,උපුල්,විමල්,කුමාරි,නදීකා,වසන්ති යන සත් දෙනා සෝමදාස ජිනදාස,පියවතී,සුමනාවතී යන දෙමාපියන්ගේ දරුවන් ය.

  • ලලිත්ගේ මව පියවතීය.
  • සුමිත්ගේ හා උපුල්ගේ පියා ජිනදාසය.
  • නදීකා හා වසන්ති සහෝදරයන් ය.
  • විමල්ගේ පියා ජිනදාස නොවේ.
  • සෝමදාසට එක් දුවක් සිටී.
  • ජිනදාසගේ භාර්‍යාව පියවතී නොවේ.
  1. සෝමදාසගේ පුතුන් කවුද?
  2. නදීකාගේ මව කවුද?
  3. ලලිත්ගේ අනෙක් සහෝදරයින් කවුද?
  4. විමල්ගේ සහෝදරිය කවුද?
  5. සුමනාවතීට දරුවන් කී දෙනාද?

Saturday, June 6, 2020

අභියෝග්‍යතාවය හා බුද්ධි පරික්ෂණය 2020.06.07

01.ආසන දෙකේ සෝපාවක්  දෙපසින් පුටු දෙකක් ඇත.හතුරුසිංහ,සතුරුසිංහ,ජයසිංහ,හා විජයසිංහ
යන සතර දෙනා එහි වාඩි වී සිටී ඔවුන් ඉන්ජිනේරු,ගුරු,පුවත්පත් කලාවේදී,හා දොස්තර වෘත්තීන්වල නිරතව සිටියි.

01.කාමරයට බීම ගෙන ආ වේටර් ජයසිංහට විස්කි වීදුරුවක්ද,සතුරුසිංහට බියර් වීදුරුවක් ද වත් කළේය.

02.උදුනට ඉහළින් තිබූ කණ්ණාඩියෙන් ඉංජිනේරුවාට වේටර් කාමරයෙන් පිටවනු පෙනුණි.ඉන්පසු ඔහු තමා ළඟම සෝපාවේ හිඳගෙන උන් විජයසිංහ දෙසට හැරී පාන් මිල ඉහළ යාම ගැන කතා කරන්නට විය.

03හතුරුසිංහට මෙන්ම සතුරුසිංහට සොහොයුරියන් නොවීය.

04.ගුරුවරයා දැඩි ලෙස මත් පැනින් වැළැකී සිටී.

05.පුටුවක වාඩි වී සිටි හතුරුසිංහ පුවත්පත් කලාවේදියාගේ සොහොයුරිය හා විවාහ වීමට බලාපොරොත්තුව සිටියද එය අනපේක්ෂිත ලෙස බිඳ වැටුණි.

06.ගුරුවරයා වාඩි වී සිටියේ හතුරුසිංහගේ ආසනයේ වමිනි.

i.සෝපාවේ පිටුපස සිට බලන විට වම් පුටුවේ සිටියේ කවුද?ඔහුගේ රැකියාව?
ii.දකුණුපස සිටියේ කවුද?ඔහුගේ රැකියාව
iii.සෝපාවේ වම් කෙලවරේ සිටියේ කව්ද?ඔහුගේ රැකියාව

02.පහත දක්වා ඇති ගැටළු ඉංග්‍රීසි හෝඩිය පදනම් කරගෙන සකස් කර ඇත.එම එක් එක් ගැටළුවේ රටාවට ගැලපෙන අක්ෂරය/අක්ෂර තිත් ඉර මත ලියන්න

i.M,P,T,Y,E,..............
II.W,S,Q,M,K,............
III.ABCD,CDBE,BEDF,DFEG,EGFH,.............
IV.ABCD,DCBE,EBCF,FCBG,GBCH,...........
V.AZ,BY,CX,DW,................

Friday, June 5, 2020

අභියෝග්‍යතාවය හා බුද්ධි පරික්ෂණය 2020.06.06

2020.06.06

1. මල්ලක බරින් හා ප්‍රමාණයෙන් එක සමාන රතු , සුදු , හා නිල්  වර්ණයන්ගෙන් යුතු බෝල 785 ක් ඇත . රතු හා සුදු බෝල ප්‍රමාණය 605 නම් ද සුදු හා නිල්  බෝල 471ක් එහි තිබුණි නම් මල්ලේ සුදුපාට බෝල  තිබේද ?

2.  රෝහලක එක්තරා වාට්ටුවකට සදුදා දින රෝගීන් 44 දෙනෙකු ඇතුලත් කරන ලද අතර මියගිය දෙදෙනෙකුගේ සිරුරු සහ තවත් රෝගීන් 10 දෙනෙකු වෙනත් වාට්ටුවකට මාරුකර යවන ලදී .දවස ඇරඹෙන විට සිටි රෝගීන් දහතුන් දෙන අතරින් රෝගීන් 5 දෙනෙකු සහ තවත් රෝගීන් 13 දෙනෙකු එදින ප්‍රතිකාර ලබා වාට්ටුවෙන් පිටව ගියේ නම් දවස අවසානයේ නේවාසිකව සිටින රෝගීන් සංඛ්‍යාව කියද ?

පිළිතුරු

1.රතු + සුදු = 605       1
සුදු + නිල්  = 471       2

මල්ලේ ඇති මුළු බෝල ප්‍රමාණය

785= රතු+සුදු+නිල්
785= 605+නිල්
785-605= නිල්
180= නිල්බෝල

සුදු බෝල ගණන

සුදු+නිල් =471
සුදු +180= 471
සුදු =471-180
සුදු =291

2. දවස ආරම්බයේ සිටින රෝගීන් සංඛ්‍යාව =13
 සදුදා රෝහලට ඇතුලත් කල ප්‍රමාණය =44
එකතුව =57

මියගිය රෝගීන් ගණන =02
වෙනත් වාට්ටුවලට මාරුකළ ගණන =10
ප්‍රතිකාර ලබා පිටව ගිය ප්‍රමාණය (5+13)= 18
එකතුව =30

නේවාසික රෝගීන් සංඛ්‍යාව (57-30)= 27

අභියෝග්‍යතාවය හා බුද්ධි පරික්ෂණය 2020.06.05

1. මිනිසුන් 25 කිසියම් කාර්යක් දින 20 කින් සම්පූර්ණ කරයි. නමුත් දින 15 ට පසු කාර්යයෙන් 60% ක් පමණක් නිමකර ඇත. ගිවිසගත් කාලයට කාර්යය නිම කිරීමට කොපමණ මිනිසුන් ප්‍රමාණයක් වැඩියෙන් අවශ්‍ය ද ?

2. මහින්ද සහ රනිල් ප්‍රතිවිරුද්ධ දිශාවන්ට ගමන් කරයි. දෙදෙනාම ඉදිරියට සැතපුම් 6 ක් ගමන් කර, දකුණට හැරී සැතපුම් 08 ක් ගමන් කරයි. එක් එක් පුද්ගලයා ආරම්භක පිහිටීමෙන් කොපමණ දුරකින් සිටීද?

Wednesday, June 3, 2020

අභියෝග්‍යතාවය හා බුද්ධි පරික්ෂණය 2020.06.04

1. A ට කිසියම් වැඩ කොටසක් දින 24 කින් කල හැක.A සහ B දෙදෙනා විසින් එම වැඩයම දින 14.4 න් කල හැක. වැඩය නිම කිරීමට B ට කොතරම් කාලයක් ගතවේද?
2.මාගේ ඔර්ලෝසුව මධ්‍යම රාත්‍රියෙහි නිරවද්‍යව පැවතුනි. ඉන් පසු එය ආරම්භ වූයේ පැයකට විනාඩි 12 ක් අඩුවෙමිනි. පැය 07 කට පෙර එය සම්පූර්ණයෙන්ම නතරවුනි . එය දැන් 3.12 වේලාව පෙන්වන්නේ නම්, දැන් නිවරදි වේලාව කියද?

Tuesday, June 2, 2020

අභියෝග්‍යතාවය හා බුද්ධි පරික්ෂණය 2020.06.03


1. මගේ සහෝදරයා මට වඩා දින 562 ක් වැඩිමහල් වන අතර මගේ සහෝදරිය ඔහුට වඩා සති 75 ක් වැඩිමහල්  වේ. මගේ සහෝදරිය අගහරුවාදාය දිනක උපත ලැබුවේ නම් මම උපන්නේ කවර දිනකදී ද.

2. අමල් සහ කමල් සැතපුම් 120 ක් ඈතින් පිහිටි ව්‍යාපාරික රැස්වීමක් සදහා එකම වාහනයේ ගමන් කළහ. රැස්වීම කරා යන ගමනේ දී අමල් වාහනය ගෙන ගිය අතර එම මාර්ගය  ඔස්සේම ආපසු එන ගමනේ දී කමල් වාහනය පැදවූයේය.  අමල් පැයකට සැතපුම්  60 වේගයෙන්ද කමල් පැයකට සැතපුම්  50 ක වේගයෙන් ද වාහනය පැදවූයේ නම් , එක සමාන දුර ප්‍රමාණය ගමන් කිරීම සදහා අමල්ට වඩා කමල්  ගත කළ කාලය  විනාඩි කොපමණද ?

Monday, June 1, 2020

අභියෝග්‍යතාව හා බුද්ධි පරීක්ෂණ 2020.06.02


අභියෝග්‍යතාව හා බුද්ධි පරීක්ෂණ 2020.06.02


1)A,B,C,D යනු සංඛ්‍යා හතරකි. A:B = 2:3 , B:C = 4:5 , C:D = 6:7 නම් A:D සමාන වන්නේ කවරකට ද?

2) ළමුන් 25දෙනෙකු (බර වැඩිම ළමයා පළමු ස්ථානයේ තබා) බර අනුව අවරෝහණ පිළිවෙළින් පෙළ ගැස්සූ විට 'අමර' සිටින්නේ 7 වන ස්ථානයේ ය. (බර අඩුම ළමයා පළමු ස්ථානයේ තබා) බර අනුව ආරෝහණ පිළිවෙළින් පෙළගැස්සූ විට 'සාමා' සිටින්නේ 7 වන ස්ථානයේ ය. මෙම අවස්ථා දෙකෙහි ම 'නයනී' සිටින්නේ 'සාමා' හා 'අමර' අතර හරි මැදය. ඒ අනුව බර වැඩිම ළමයා පළමු ස්ථානයේ තබා බර අනුව අවරෝහණ පිළිවෙළින් පෙළගැස්සූ විට 'නයනී' සිටින්නේ කවර ස්ථානයක ද?

3) පිරිමි ළමුන් සිටින පෝලිමක සිරිමල් ඉදිරිපස සිට 7 වෙනියා වන අතර විමල් පිටුපස සිට 12 වෙනියා වේ. ඔවුන් එකිනෙකා ස්ථාන හුවමාරු කළ විට සිරිමල් ඉදිරිපස සිට 22 වෙනියා වේ. පෝළිමේ ළමුන් කී දෙනෙක් සිටී ද?


පිළිතුරු

1)

2)





මෙහිදී අවරෝහණ පිළිවෙළට (බර වැඩිම ළමයාගේ සිට ) බලන විට සාමා සිටින්නේ 19 වෙනි ස්ථානයේ බව සොයාගත හැකිය. එය පහත පරිදී ද සෙවිය හැක.
25-7=18
18+1=19
නයනි සිටින්නේ අමරත් සාමාත් හරි මැද ස්ථානයේ නම් 7+19=26 , 26/2=13
එබැවින් නයනිගේ ස්ථානය 13 වේ.


3)
       සිසුන් ගණන = (ඉදිරිපස සිට ස්ථානය + ඉදිරිපස සිට ස්ථානය) -1
                            =  (22+12) -1
                            =  33
   

අභියෝග්‍යතාව හා බුද්ධි පරීක්ෂණ 2020.06.01


1.රු 20000.00 සහ 25000.00 
බැගින් පිලිවෙලින් ආයෝජනය 
කරමින් මිතුරන් දෙදෙනෙකු 
ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. 
එක් වසරකදී උපයන ලද
 රු 15750.00 ක මුළු 
ලාභාංෂයෙන් ඔවුන්ගේ 
කොටස් වල වෙනස කීයද?


2.A සහ B නල දෙක සදහා වෙන වෙනම ටැංකියක් පිරවීමට මිනිත්තු 30 ක් සහ 15 ක් ගනී. ජලය ඉවත් කරන C නලයට ටැංකිය සම්පූර්ණයෙන්ම හිස් කිරිමට මි. 12 ක් ගනී නම්, නල 03 ම විවෘතව ඇති විට ටැංකිය පිරවීමට ගත වන කාලය සොයන්න

අභියෝග්‍යතාව සහ බුද්ධි පරීක්ෂණය 2020.06.27

01. විමලා, රාධා, ආමිනා ලිපිකාරිණියන් තිදෙනෙකි. නිමල් හා නාදන් ලිපිකරුවන් දෙදෙනෙකි. තව ද  ආමිනා හා නාදන් ආධුනිකයන් ය. මොවුන් අතරින් ත...