Sunday, May 3, 2020

අභියෝග්‍යතාව සහ බුද්ධි පරීක්ෂණය - 2020.05.04

(1) 'අමර' සහ 'සමර' යහලුවන් දෙදෙනෙකි. එක් අයෙක් සඳුදා, අඟරුවාදා සහ බදාදා බොරු කියන අතර සතියේ ඉතිරි සියලු දිනවල ඇත්ත කියයි. අනෙකා බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා බොරු කියන අතර ඉතිරි සියලු දිනවල ඇත්ත කියයි. දිනක් ඔවුහු පහත දැක්වෙන ප්‍රකාශ කළහ.
* අමර : මම සෙනසුරාදා දිනවල බෝරු කියනවා
* සමර : මම හෙට බොරු කියනවා
* අමර : මම ඉරිදා දිනවල බොරු කියනවා
මෙම ප්‍රකාශ සිදු කළ දිනය සතියේ කුමන දිනය ?

(2) එක්තරා රහස් අකුරු ක්‍රමයකින් LUMINAL යන්නYHZVANY ලෙස ලියයි. අනුව පහත වචන වල රහස්‍ය වචනය ලියන්න.
                                I.            FLOWER
                              II.            ROYAL


පිළිතුරු:

(1) ප්‍රශ්නයේ දී ඇති දත්ත පහත ආකාරයට වගුවකින් ඉදිරිපත් කළ හැක.
- මෙහිදී අමර පවසන ආකාරයට ඔහු සෙනසුරාදා හා ඉරිදා බොරු කියයි.
- සෙනසුරාදා හා ඉරිදා දින දෙකෙහිම බොරු කියන කෙනෙක් නැති වුවද ,
- දින දෙකෙහිම ඇත්ත කියන අයෙකු සිටී.
- එබැවින් මෙහිදී අමර බොරු කියා තිබෙන බව පැහැදිලිය.
- එබැවින් A යනු අමර යැයි නිගමනය කළ හැක. ඔහු බොරු කියනුයේ සඳුදා, අඟහරුවාදා සහ බදාදා වේ.

- නමුත් සමර මෙම දින වලදී ඇත්ත කියයි
- එබැවින් සමරගේ ප්රකාශය ඇත්ත වීමට නම් ඔහු මෙම ප්රකාශ බදාදා දින සිදු කළ යුතුය.


(2) ඉංග්‍රීසි භාෂාවෙන් රහස් අකුරු ක්‍රමයක් ලබා දී ඇතිවිට ඉංග්‍රීසි හෝඩියේ එක් එක් අක්ෂරයට 
අදාල රහස්‍ය අකුර සෙවිය යුතුය.
LUMINAL = YHZVANY නම්, 
ඒවා ඉංග්‍රීසි හෝඩියේ අක්ෂරයන්ට ගැළපූ විට පහත පරීදී රටාව හඳුනාගත හැකිය.
එබැවින්,
I.   FLOWER = SYBJRE

II.  ROYAL = EBLNY



4 comments:

  1. 1. බදාදා
    2.i. SYBJRE
    ii. EBLNY

    ReplyDelete
  2. 1.බදාදා
    2. 1)SYBJRE
    2)EBLNY

    BY SANJAYA

    ReplyDelete
  3. 1.Wednesday
    2.SYBJRE
    EBLNY Hama letter ekenm 13k adu krl ena letter ek danne

    ReplyDelete

අභියෝග්‍යතාව සහ බුද්ධි පරීක්ෂණය 2020.06.27

01. විමලා, රාධා, ආමිනා ලිපිකාරිණියන් තිදෙනෙකි. නිමල් හා නාදන් ලිපිකරුවන් දෙදෙනෙකි. තව ද  ආමිනා හා නාදන් ආධුනිකයන් ය. මොවුන් අතරින් ත...