Thursday, April 30, 2020

අභියෝග්‍යතාව සහ බුද්ධි පරීක්ෂණය - 2020.05.01


1.ශ්‍රී ලංකාවේ පැවැත්වූ ජාතික පාපැදි තරගයකදී පළමුවන ස්ථාන හතර දිනා ගත්තේ ඌව, මධ්‍යම, දකුණ හා  බස්නාහිර පළාත් නියෝජනය කළ  ක්‍රීඩකයෝ ය. එම ක්‍රීඩකයන්ගේ නම් උදයන්ත, මහින්ද, දයානන්ද හා බිමල් ය. ඔවුන්ගේ පාපැදි වර්ග වන්නේ කෙන්ස්ටාර්, ලූමාලා, සිංගර් හා හන්ටර් ය. (අනුපිළිවෙලින් නොවේ ).

* දකුණු පළාතේ පා පැදිකරු ජය ලැබීය.
* සිංගර්  පාපැදිකරු තරගයේ පළමු වැනි හෝ දෙවැනි තැන ලබා ගැනීමට අපොහොසත් විය.
* දෙවැනි තැන ලබා ගත්තේ දයානන්දය.
* ඌව පළාත නියෝජනය කළේ මහින්ද ය.
* ලූමාලා  පාපැදිය පැදවූයේ බිමල්‍ ය.
* හන්ටර්  පාපැදිය පැදවූ බස්නාහිර පළාතේ ක්‍රීඩකයා හතරවැනි ස්ථානය ලබා ගත්හ.

i. තරඟයේ ජය ගත්තේ කවුද?
ii. ලූමාලා  පාපැදිය  පැදවූයේ කුමන පළාතේ ක්‍රීඩකයාද?
iii. මහින්දගේ පාපැදියේ වර්ගය කුමක්ද?

2.බුද්ධදාස පියසිරි  රාමචන්ද්‍ර හා සුබ්‍රමනියම් යන අය නාට්‍ය ශිල්පියෙකු, චිත්‍ර ශිල්පියෙකු ගායකයෙකු හා ලේඛකයෙකු  වශයෙන් (අනුපිළිවෙළින් නොවේ) විවිධ වෘත්තීහි යෙදෙති.ගායකයා  පළමු වර ගීත ගයනු ඇසීමට බුද්ධදාස හා රාමචන්ද්‍ර දෙදෙනාම  ගියහ. පියසිරි හා ලේඛකයා යන දෙදෙනා ම චිත්‍ර ශිල්පියා වෙත ගොස් තමන්ගේ චිත්‍ර අන්දවා ගත්හ.සුබ්‍රමනියම් ලේඛකයා ලවා ලියවා ගන්නා ලද ජීවන චරිතය ඇතුලත් පොත කොපමණ ජනප්‍රිය වීද යත්, බුද්ධදාස තම ජීවන චරිතය ද ලිවීමට එම ලේඛකයාට භාර දුන්නේය. බුද්ධදාස  චිත්‍ර ශිල්පියා නොහඳුනයි .
එක් එක් අයගේ රැකියාව කුමක්ද
i. සුබ්‍රමනියම් -
ii. පියසිරි -
iii. රාමචන්ද්‍ර -
iv. බුද්ධදාස -


පිළිතුරු

01.

ඌව
මධ්‍යම
දකුණ
බස්නාහිර
කෙන්ස්ටාර්
ලූමාලා
සිංගර්
හන්ටර්
ස්ථානය
උදයන්ත
×
×
×
ü
×
×
×
ü
4
මහින්ද
ü
×
×
×
×
×
ü
×
3
දයානන්ද
×
ü
×
×
ü
×
×
×
2
බිමල්
×
×
ü
×
×
ü
×
×
1

3 වැනි තොරතුරට අනුව
2 වැනි තොරතුරට අනුව
4 වැනි තොරතුරට අනුව
5 වැනි තොරතුරට අනුව
6 වැනි හා 3 වැනි තොරතුරට අනුව
මහින්ද ඌව පලාතේ නිසා ඔහුගේ පා පැදිය හන්ටර් විය නොහැක. එවිට ඔහුගේ පා පැදිය සිංගර් විය යුතුයි.අනුව මහින්ද 3 වන ස්ථානය වේ. හන්ටර් පා පැදිය පදවා ඇත්තේ බස්නාහිර තරගකරු නිසා උදයන්ත බස්නාහිර පලාතේ තරගකරු විය යුතුය. එවිට බිමල් දකුණු පලාතේ තරගකරු හා 1 වෙනි ස්ථානය ලබා ගත් තරගකරුද වේ.
i. බිමල්
ii. දකුණු පලාතේ
iii. සිංගර්

02.
රැකියාව
නම
නාට්‍ය ශිල්පියා
චිත්‍ර ශිල්පියා
ගායකයා
ලේඛකයා
බුද්ධදාස
 ü
×
×
×
පියසිරි
×
×
ü
×
රාමචන්ද්‍ර
×
×
×
ü
සුබ්‍රමනියම්
×
ü
×
×
i.චිත්‍ර ශිල්පියා
ii. ගායකයා
iii. ලේඛකයා
iv. නාට්‍ය ශිල්පියා

Wednesday, April 29, 2020

අභියෝග්‍යතාව සහ බුද්ධි පරීක්ෂණය 2020. 04.30

1.පවුලේ සාමාජිකයන් පස් දෙනෙකුගේ වයස්වල එකතුව =107

නයනා සහ අමිලාගේ වයස්වල එකතුව =29

අමිලා සහ පියුමිගේ වයස්වල එකතුව =44

පියුමි සහ ජිනානිගේ  වයස්වල එකතුව =57

ජිනානි සහ සෙනුරිගේ  වයස්වල එකතුව =46

නයනාගේ වයස කීයද ?

2.  1780.08.14 සතියේ කවර දිනයක්ද ?

Monday, April 27, 2020


අභියෝග්‍යතාව සහ බුද්ධි පරීක්ෂණය
2020. 04. 28


1. කාර්‍යාලයක සේවයේ යෙදී සිටි අය අතුරින් ලිපිකරුවන් තිදෙනෙකු හා ලිපිකාරිනියක වෙනත් කාර්‍යාලයකට මාරු කර යැවීමෙන් පසුව ඉතිරි වූ ලිපිකාරිනියන්ගේ සoඛ්‍යාව ලඝුසේවිකාවන් සoඛ්‍යාවට සමාන වූ අතර ලිපිකරුවන් සoඛ්‍යාව ලඝුසේවිකාවන් මෙන් දෙගුණයක් විය.

i.) මාරු වීමට පෙර කාර්‍යාලයෙහි සිටින්නට ඇතැයි සිතිය හැකි අඩුම සේවක සoඛ්‍යාව කොපමණද ?
ii.) එවිට කාර්‍යාලයෙහි සිටි ලඝුසේවිකාවන් ගණන කීයද ?



2.1800 වර්ෂයේ  අනිද්දා සිකුරාදා දිනයක් වන අතර පෙරේදා පෙබරවාරි 26 වැනිදා විය.1801 වර්ෂයේ මාර්තු 20 වනදාට යෙදෙන්නේ කවර දවසක්ද ?



පිලිතුර

1.
i


මාරු කර යැවූ් සoඛ්‍යාව
ඉතිරි වූ සoඛ්‍යාව
ලිපිකරුවන්
3
2x
ලිපිකාරිනියක
1
X
ලඝුසේවිකාවන්
0
X

4
4x

 අවම ගාන වෙන්න x =1,


අඩුම සේවක සoඛ්‍යාව= 4+4x
                                    =4+4(1)
                                    =8

ii.
ලඝුසේවිකාවන්  සoඛ්‍යාව = x = 1



2.
1800 හා 1801  වර්ෂ අධික අවුරුද්දක්දැයි සෙවීම....

දී ඇති වර්ෂය, දැක්වෙන  සoඛ්‍යාවේ අවසන් ඉලක්කම් දෙකෙන් කියවෙන සoඛ්‍යාව හතරෙන් ඉතිරි නොමැතිව බෙදේ නම් එය අධික අවුරුද්දකි.(අගට බිoදු දෙකක් යෙදෙන වසර 400න් බෙදන්න)


1800/400= 4 ඉතිරි 200,  අධික අවුරුද්දක්  නොවේ.

1801, 01/4= නොබෙදේ,  අධික අවුරුද්දක්  නොවේ.


Day before yesterday
Yesterday
Today
Tommarrow
Day after tommarrow
Month
Year
Monday
Tuesday
Wednesday
Thursday
Friday*


28 *
27
28


*Feb
1800



**01
02
March
1800



**08

March
1800




**15

March
1800

20
21
**22

March
1800









20
21
22
March
1801

*අනිද්දා සිකුරාදා දිනයක් වන අතර පෙරේදා පෙබරවාරි 26 වැනිද, 1800 අධික අවුරුද්දක්  නොවේ, පෙබරවාරි මාසයට දින 28කි.
**අදට සතියකින් පසුව එලඹෙන්නේ අද දවසම බව මතක තබාගන්න.

මෙම දත්ත වලින්, අපට 1800
මාර්තු 20 වන දිනට පැමිණිය හැකිය.

අධික නොවන වර්ෂයක්, අවසන් වන්නේ එම වසර ආරම්භ වූ දිනයේම බව මතක තබාගන්න. (365/7=52,දවස් 1 යි  ).
අවුරුද්දකට පසුව එලඹෙන්නේ ඊළඟ දවසය.

1800/03/20  -  ආරම්භ වූ දින - Tuesday
1801/03/19  -  අවසන්  වූ දින-  Tuesday

අවුරුද්දකට පසුව එලඹෙන්නේ,
1801/03/20 - wednesday









අභියෝග්‍යතාව සහ බුද්ධි පරීක්ෂණය 2020.06.27

01. විමලා, රාධා, ආමිනා ලිපිකාරිණියන් තිදෙනෙකි. නිමල් හා නාදන් ලිපිකරුවන් දෙදෙනෙකි. තව ද  ආමිනා හා නාදන් ආධුනිකයන් ය. මොවුන් අතරින් ත...