Thursday, April 23, 2020

දුම්රිය හා සම්බන්ධ ගැටලු - 1


1.මීටර් 130 ක් දිග දුම්රිය පැයට කිලෝමීටර 45 ක වේගයෙන් තත්පර 45 ක් තුළ  දුම්රිය වේදිකාවක් පසු කරයි නම් දුම්රිය වේදිකාවේ දිග කොපමනද?

2.පැයට කිලෝමීටර 50ක වේගයෙන් යන දුම්රියක් පැයට කිලෝමීටර 5 ක වේගයෙන් දුම්රිය ගමන් කරන දිශාවට ගමන් කරන මගියෙකු පසු  කිරීමට තප්පර දහයක්  ගනි නම් දුම්රියේ දිග කොපමනද?

3 comments:

  1. 1 ගැටළුවට පිළිතුර
    මේ වගේ ගැටලුවක් ගත්තහම මේකෙදි අපි පාවිච්චි කරන මූලිකම සමීකරණය තමයි
    වේගය=දුරකාලය

    මේ ගැටලුවේ දුම්රියේ දිග දීල තියෙන්නෙ පැයට කිලෝමීටර වලින්. දුම්රියේ දිග දීලා තියෙන්නේ මීටරවලින්.අපිට ගැටලුව විසදගන්න පහසුයි දුම්රියේ වේගය තත්පරයට මීටර් වලට හරවා ගත්තා නං. පැයට කිලෝමීටර වලින් තියෙන වේගය තප්පරේට මීටර වලට හරවන්න පුළුවන් 5/18 න් ගුණ කලාම.

    45 * 5/18
    වේගය=දුර/කාලය
    දුර = වේගය *කාලය

    එතකොට අපිට දුම්රිය තප්පර 45 කදී ගමන් කළ දුර ලැබෙනවා
    45 * 5/18 *45= 562.5m

    එතකොට මේ තත්පර 45 ඉවරවෙනකොට දුම්රියේ පිටුපස කෙළවරත් වේදිකාව පසු කරලා ඉවරයි.එහෙනම් වේදිකාවේ දිග හොයන්න මොකද කරන්නේ අපිට ලැබුන පිළිතුරෙන් දුම්රියේ දිග අඩු කරමු.

    දුම්රිය වේදිකාවේ දිග = දුම්රිය පසුකල දුර - දුම්රියේ දිග
    = 562.5-130m
    = 432.5m

    2 ගැටලුවට පිළිතුර
    මේ ගැටලුව පලවෙනි ගැටලුවට වඩා ටිකක් වෙනස්.මේකෙදි අපට ගමන් කරන වස්තු දෙකක් ගැන සඳහන් කරලා තියෙනවා. එතකොට මේ වගේ ගැටලුවක් විසඳන කොට අපිට වේග දෙකක් තියාගෙන ගාන හදන්න බැහැ. ඒ නිසා අපි මෙතැනදී යොදාගන්නවා සාපේක්ෂව වේගය කියන එක.

    මෙතැනදී දුම්රිය සහ මගියා ගෙන දෙකම එකම දිශාවකට ගමන් කරන නිසා අපි සාපේක්ෂ වේගය හොයනවා මේ සමීකරණයෙන්

    සාපේක්ෂ වේගය = දුම්රිය වේගය - මගියාගේ වේගය

    =50-5 Kmh-1
    =45 Kmh-1

    දුම්රිය සහ මගියා විරුද්ධ දිශාවලට ගමන් කරානම් සාපේක්ෂ වේගය හොයන සමීකරණය ඕක නෙමේ.අපි ඒ වගේ ගැටලුවකුත් ඊලගට කතාකරමු.

    ඊළඟට අපට දුම්රිය දිග හොයන්න පුළුවන් මේ සමීකරණයෙන්

    දුම්රියේ දිග = සාපේක්ෂ වේගය * ගතවූ කාලය

    මෙතැනදි අපිට සාපේක්ෂ වේගය ලැබුනේ පැයට කිලෝමීටර වලින්. ඒක අපි තප්පරේට මීටර වලට හරවා ගන්න ඕන මොකද කාලය දීලා තියෙන්නෙ තප්පර වලින් නිසා.

    45 * 5/18

    ඊට පස්සේ පහත සමීකරණයට ආදේශ කිරීමෙන් අපිට අවසාන පිළිතුර ලබා ගන්න පුළුවන්.

    දුම්රියේ දිග = සාපේක්ෂ වේගය * ගතවූ කාලය
    = 45 * 5/18 *10
    = 125m

    ReplyDelete

අභියෝග්‍යතාව සහ බුද්ධි පරීක්ෂණය 2020.06.27

01. විමලා, රාධා, ආමිනා ලිපිකාරිණියන් තිදෙනෙකි. නිමල් හා නාදන් ලිපිකරුවන් දෙදෙනෙකි. තව ද  ආමිනා හා නාදන් ආධුනිකයන් ය. මොවුන් අතරින් ත...