Saturday, May 30, 2020

අභියෝග්‍යතාව හා බුද්ධි පරීක්ෂණ 2020.05.31

1. එක්තරා පොතක් පිටු 40 කින් සමන්විත වන නමුත්, කොළ ඇමිණීමේ දී සිදු වූ මඟ හැරීමක් නිසා පිටු 04 ක් අඩු වී ඇත. ඉන් එක් පිටුවක අංකය 27 නම්, අනෙක් පිටුවල අංකයන් මොනවා ද?

2. පැය දොළහේ ඔරලෝසු දෙකක් වන A හා B පිළිවෙළින් පැයකට විනාඩි 5 ක් හා පැයකට විනාඩි 04 ක් අඩුවෙන් වේලාව දක්වයි. ජුනි 01 වන දා පෙ. ව. 09.00 ට ඔරලෝසු දෙක ම නිවැරැදි වේලාව දැක්වූයේ නම්, ඔරලෝසු දෙක ම නැවත නිවැරැදි වේලාව පෙන්වන්නේ කෙදිනක ද?

පිළිතුරු
1. 13, 14 හා 28
2. A නැවත නිවැරැදි වේලාව දැක්වීමට ගත වන කාලය= (60÷5) ×12/24= දින 06
B නැවත නිවැරැදි වේලාව දැක්වීමට ගත වන කාලය= (60÷4)×12/24= දින 7.5
ඒ අනුව A හා B ඔරලෝසු දෙක ම නැවත නිවැරැදි වේලාව දක්වන්නේ දින 30 කට පසුව එනම්, ජූලි 01 වන දා පෙ. ව. 09.00ට ය.

Friday, May 29, 2020

අභියෝග්‍යතාව හා බුද්ධි පරික්ෂණය 2020.05.30

1.
හත් දෙනෙක් ගෙන් යුත් කණ්ඩායමකින් පස් දෙනෙක්ගෙන් යුතු  කණ්ඩායමක් තෝරා ගැනීමට අවශ්‍යව ඇත.දෙදෙනෙක් මේ වන  විට තෝරා ගෙන අවසන් වී ඇත්නම් කණ්ඩායම්  තෝරා ගත හැකි ආකාර කීයක් තිබේද ?

2.
විනිවිද නොපෙනෙන වීදුරු පෙට්ටියක් තුළ කහ, රතු, නිල්, දම් පැහැති බෝල පිලිවෙලට 4ක් 5ක් 6ක් 7ක් ලෙස ඇත. එක් කුඩා දරැවෙකු පැමිණ මෙයින් බෝල පහක් ගෙන ඉවතට ගොස් සෙල්ලම් කරයි. මෙම බෝල 5න් 2ක් රතු ද, 3ක් දම් ද වන බව පසුව සොයා ගන්නා ලදී. කුඩා දරුවා මෙම   බෝල 5 ඉවතට ගත් පසුව රතු බෝල 3ක් ඉවතට ගැනීමට අවම වශයෙන් බෝල කීයක් ඉවතට ගත යුතු ද ?

පිළිතුරු
01.
කණ්ඩායමට  දැනටම  දෙදෙනෙක් තෝරා ගෙන ඇති නිසා පස් දෙනාගෙන් යුතු කණ්ඩායමට තව තෝරා ගත යුත්තේ තුන් දෙනෙක් පමණි.
එම තුන් දෙනා තෝරා ගත යුත්තේ සාමාජිකයන් පස් දෙනෙකුගෙනි. (හත් දෙනාගෙන් දෙදෙනෙක්  දැනට ම තෝරා ඇති නිසා )

5!÷(2!×3!) = 5×4×3! ÷ (2×1 ×3!)
                  = 5×4 ÷( 2×1)
                  = 5×2
                  = 10

02.
පෙර අවස්ථාව                  පසුව අවස්ථාව
කහ පාට   4                      කහපාට    4
රතුපාට     5                      රතු පාට    3 (5-2)
නිල් පාට   6                       නිල් පාට   6
දම් පාට     7                      දම්පාට      4 (7-3)
              = 22                                      =17

අවශ්‍ය රතු පැහැ බැවින් පළමුවෙන් රතු නොලැබේ. අනෙක් පැහැය යන සියල්ල ම මුලින් ලැබෙයි එනම් කහ හතරක් නිල් හයක් දම් හතරක් ය.

ඒවා ඉවත් කිරීම සඳහා අවස්ථා 14ක් ( 4+6+4) අත දැමිය යුතු ය .

15 වන  අවස්ථාවේ අනිවාර්යෙන්ම රතු පැහැති එකක් ලැබේ.
රතු තුනක් ලබාගත යුතු බැවින් පිළිතුර 17 වේ.



                     

Thursday, May 28, 2020

අභියෝග්‍යතාව හා බුද්ධි පරික්ෂණය 2020.05.29

1. ලාච්චුවක මේස් 53ක් ඇත. ඒවායින් 21ක් නිල් පාටය. 15ක් කළු පාටය. 17ක් රතු පාටය.කාමරය  අඳුරේ පැවතියේ නම් සියයට සීයක් නිවැරදිව කළු මේස්  ජෝඩුවක් තෝරා ගැනීම සඳහා ගත යුතු මේස් සංඛ්‍යාව කීයද?

2. නිමල් ළඟ තිබූ සැමන් ටින් 11කින් කිහිපයක් ග්‍රෑම් 400 ක් වූ අතර අනෙක් ඒවා ග්‍රෑම් 500 ක් විය.එම සැමන් ටින් වල සම්පූර්ණ  බර කිලෝග්‍රෑම්  5ක් නම් ග්‍රෑම් 500 ක් තිබූ සැමන් ටින් ගණන කොපමණද ?

පිළිතුරු
1.
සටහන :- සම්භාවිතා වේ දී අපට යම් පැහැය ක වස්තුවක් ලබාගැනීමට අවශ්‍ය නම් අපට එම පැහැය ඇති වස්තුව නොලැබි අනෙක් පැහැයන් ඇති  සියලුම වස්තූන් පළමුව ලැබෙන බව සලකනු ලබයි. එ ම අනෙක් වස්තූන් සියල්ල ලැබීමෙන් අනතුරුව අවසානයට අපට අවශ්‍ය පැහැය ඇති  වස්තුව ලැබෙන බව සලකයි.

නිල් පාට  - 21
කලු පාට - 15
රතු පාට - 17
               = 53

මෙහිදී ස්ථිර වශයෙ ම කළු පැහැති මේස් ජෝඩුවක් ලබා ගැනීමට අවශ්‍ය වේ. මෙහිදී මේ ස් වල වම් හා දකුණු ලෙස බෙදීමක් නොමැත. එනම් වම් කකුලේ මේ් එක දකුණු කකුලට දැමිය හැක. එනම් මෙවැනි මේස් ගැටලුවලදී එකම පාටින් මේස් දෙකක් ලැබුණු කළ එම මේස් දෙක ජෝඩුවක් ලෙස භාවිතා කළ හැකිය .

මෙහිදී කළු මේස් ලබා ගත යුතු බැවින් පළමුව කළු මේස් නොලැබේ පළමුව ලැබෙන්නේ නිල් හා රතු මේස් ය. රතු හා නිල් පැහැති මේස් වර්ග  සියල්ලේ එකතුව 38ක් (21+17) වන බැවින් 38 පාරක් අත දැමීමෙන් මෙම මේස් 38 ඉවත් කළ යුතුය. 39 වන අවස්ථාවේ අත දැමූ විට අනිවාර්යෙන්ම ලැබිය යුත්තේ කළු පැහැති මේස් එකකි. ( එයට හේතුව මේ වන විට නිල් හෝ රතු පැහැති මේස් ලාච්චුවේ නොතිබීමයි) 40 වන අවස්ථාවේ දී  නැවතත්  කළු මේස් එකක් ලැබේ. එවිට කළු පැහැයෙන් මේස් ජෝඩුවක් ලබා ලැබේ.

එම නිසා පිළිතුර 40.

02.
500g සැමන් ටින් ගණන a නම්
400g සැමන් ටින් ගණන (11-a )
මුළු සැමන් ටින් 11 හේ බර = 5000g

500a + 400( 11- a ) = 5000
5a + 44 -4a              = 50
a                               = 50 -44 =6

එම නිසා 500g සැමන් ටින් ගණන 6 කි.





Wednesday, May 27, 2020

අභියෝග්‍යතාව හා බුද්ධි පරික්ෂණය 2020.05.28

1.එක්තරා රහස් පණිවිඩයක QUESTION යන්න රහස්භාෂාවෙන් GKUIJYED ලෙස සදහන් කර තිබුණි. PAPER යන වචනය එම රහස් පණිවිඩයේ සදහන් කර ඇත්තේ කෙසේද?
2.ගොවිපලක ගවයන්,එළුවන් හා කුකුළන් යන සතුන්ගේ එකතුව 30 කි. ඔවුන්ගේ ගණන එකින් එක ගුණ කල විට ලැබුනු පිළිතුර 840කි. වැඩිම සිටින්නේ කුකුළන් ද,අඩුම සිටින්නේ එළුවන්ද නම්, ගොවිපලේ ගවයන් කොපමණ සිටීද?

Answers

1.
QUESTION         PAPER


GKUIJYED     

සත්‍ය වචනයේ හා රහස් වචනයේ අකුරු එකිනෙකට වෙනස්‍ ය.
භාෂාව පරිවර්තනය කර ඇත්තේ අකුරු ආදෙශ කිරීමෙනි.
A-Z ලියා බලමු.

A B C D E F G  H I  J K L M N O P Q R S T U V
Q R S T U V W X Y Z A B C D E  F G H I  J K L                                               
W X Y Z
M N O P

මෙසේ මෙහි රටාව සොයාගත හැක.
එසේනම්

PAPER = F Q F U H වේ.

02.
මුලින් ඔවුන් ගුණ කල විට ලැබෙන පිළිතුරේ කු.පො.ගු සොයා ගනිමු.
මෙහිදී ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදිය යුතුය.

    2 840     
    2 420   
    2 210
    3 105
    5   35
    7    7
          1

ගොවිපලේ ගවයන්,එළුවන් හා කුකුළන් යන සතුන්ගේ එකතුව 30 කි.
කි.පො.ගු ආශ්‍රයෙන් මෙසේ ආදේශ කර බලමු.

එළුවන්   ගවයන්  කුකුළන්     එකතුව
2×2=4      2×3=6      5×7=35       4+6+35= 45    ×
2×3=6      2×5=10    2×7=14       6+10+14=30  ®

මේ අනුව 2වැනි ආදේශයෙන් සතුන්ගේ එකතුවේ අගය ලැබේ.
එම නිසා
 🐂   ගණන = 10 කි.


මෙය මෙසේද ගත හැක.
එළුවන්   ගවයන්  කුකුළන්  එකතුව
2×2×2=8  7×1=7    3×5=15    8+7+15=30

🐂 ගණන =7 කි.







අභියෝග්‍යතාවය හා බුද්ධි පරීක්ෂණය 2020.05.27

අභියෝග්‍යතාවය හා බුද්ධි පරීක්ෂණය 2020.05.27
1. පියෙකුගේ වයස පුතාගෙ වයස මෙන් තුන් ගුණයකි.තව අවුරුදු 12කින් පියගේ වයස පුතාගේ වයස මෙන් දෙගුනයක් වේ. පියගේ දැන් වයස කියද?
2. යම් මුදලක් නිමල්,විමල් සහ සුනිල් අතර බෙදන ලදී.එසේ බෙදීමේදී නිමල් හා විමල් අතර අනුපාතය 4:3 ද විමල් හා සුනිල් අතර අනුපාතය 4:3ක් විය. නිමල්ට වඩා අඩුවෙන් විමල්ට රු.3600ක් ලැබුනේ නම් තිදෙනාට ලැබුන මුදල් වෙන වෙනම සොයන්න.

Monday, May 25, 2020

අභියෝග්‍යතාවය හා බුද්ධි පරීක්ෂණය 2020.05.26

01. අදින් වසර 5කට පෙර මගෙත් පියාගේත් වයස්වල අනුපාතය 1:2 කි. අප දෙදෙනාගේ අද වයස එකතු වූ විට අවුරුදු 100කි.

i. මාගේ වයස දැන් අවුරුදු කීයද?
ii. තව වසර 5කින් අප දෙදෙනාගේ වයස් අනුපාතය කුමක්ද?


02. නිමල් හා ඔහුගේ පියාගේ වයස්වල එකතුව අවුරුදු 100කි. දෙදෙනාගේ වයස් අතර පරතරය අවුරුදු 20කි. දෙදෙනාගේ වයස් අතර අනුපාතය 7:9ක් වන්නේ තව වසර කීයකින්ද්?


පිළිතුරු
                                     මම   :පියා
01. අවු 5ට පෙර   :       1  :     2
                                       1/3  :    2/3

     අද වයස්වල එකතුව                =  100
     අවු 5ට පෙර වයස්වල එකතුව =   90

අවු 5ට පෙර  වයස්   =   මම          පියා         
                                          90/3         90/3   * 2 
                                           30            60

දැන් වයස                  =  30+5 =  35     60+ 5=  65


ii. තවත්  වසර 5කින් වයස =   මම           පියා                                                     
                                           35+5 =40   65+5 = 70
     අනුපාතය               =                4   :   7





02.    නිමල් = X      පියා =  Y   
 
         X+Y  = 100
         Y - X  = 20
         2Y  =  120

           Y    =   60
           X    =   40

40  + X   =   7
60   + X   =   9

9(40+X)   =    7 (60+X)
360+9X      =     420 + 7X
9X - 7X      =     420- 360
2X               =     60
X                 =     30



   
       








Sunday, May 24, 2020

අභියෝග්‍යතාවය හා බුද්ධි පරීක්ෂණය 2020.05.25

2020.05.25


01.නයනා , තමාරා , ගයනි , රූපා  හා රාණි  යන මිතුරියන් පස්දෙනා සංගීත, නාට් ,චිත්රපටි , චිත් හා නැටුම් යන අංශ පහට අයත්ය. මෙම අංශ දී ඇත්තේ අනුපිළිවෙලින් නොවේ.තමාරා සංගීතය හෝ චිත්රපටි නොවේ. ගයනි නාට් හෝ නැටුම් නොවේ.රාණි සංගීතය හෝ නාට් හෝ නොවේ. චිත් ඇදීමට නයනා හා තමාරා අකමැතිය. ගයනි සංගීතයට ප්රිය නොකරන  අතර, නයනා  නාට් හෝ නැටුම් ප්රිය නොකරයි. තමරා, ගයනි  හා නයනා සංගීත නොවේ.

1.නයනාගේ වෘත්තීය කුමක්ද ?
2.නාට් ශිල්පිනිය කවුද ?
3.රූපා  කුමන ක්ෂේත්රය නියෝජනය කරයිද ?
4.නැටුම් ශිල්පිනිය කවුද ?
5.තමාරාගේ වෘත්තීය කුමක්ද ?

02.කැටයක කාසි 72 ක් විය.රු.5.00කාසි මෙන් දෙගුණයක් 2.00 කාසිද, තුන්ගුණයක් ශත 50 කාසිද විය. කැටයේ තිබු මුළු මුදල කියද ?








--------------------------------------------------------------------------------------------------------------------
පිළිතුරු
01.








1.       1.   චිත්රපටි
2.       2. තමාරා
3.       3.  සංගීත
4.       4. රාණි 
5.      5.  නාට්

02.






X+2X+3X =72
6X           =72
X             =12


කැටයේ තිබු මුදල
රු 5.00 කාසි 12 යි =    12*5       = 60.00
රු 2.00 කාසි  24යි =    24*2       =  48.00
ශත 50 කාසි 36     =    36*0.50  = 18.00
 එකතුව                                      = 126
















Saturday, May 23, 2020

අභියෝගතාවය සහා බුද්ධි පරීක්ෂණය 2020. 05.24

  1.  15cm  දිග 12 cm  ක් පළල 9 cm උස විශාල ඝනකය දිග පළල සහ උස 3 cm  වන කුඩා ඝනක වලට කපා ඇත. 
මතුපිටින් පමණක් වර්ණ ගන්වා ඇත


  1.  විශාල  ඝනකය කපා ඇති කුඩා කොටස් ගණන කීයද?
  2. එක් පැත්තක වත් වර්ණ නොගැවුණු කැට ගණන කීයද?
  3. එක් පැත්තක් පමණක් වර්ණ ගැන්වූ ඝනක  ගණන කීයද ?
  4.  පැති දෙකක් පමණක් වන්න ගැන්වූ ඝනක ගණන කීයද? 
  5.  පැති තුනක් පමණක් වර්ණ ගැන්වූ ඝනක ගණන කීයද?


2. පහත එක සහ දෙක රූප සටහන් එහි ඇති  සමචතුරස්‍ර ගණන වෙන වෙනම සොයන්න.















පිළිතුරු


(1.) 15 cm වෙන දාරයේ ඝනක ගණන  (n1) = 15/ 3  = 5
    12 cm වෙන දාරයේ ඝනක ගණන  (n2) = 12 / 3 = 4 
     9 cm වෙන දාරයේ ඝනක ගණන    (n3)  = 9 / 3  = 3


1.මුළු කුඩා ඝනක ගණන =  n1 x n2 x n3 = 5 x 4 x 3 = 60


2. එක් පැත්තක වත් වර්ණ නොගැවුණු කැට ගණන
= (n1- 2) x (n2 -2) x  (n3 - 2) 
  = 3 x 2 x 1
  = 6
3.  එක් පැත්තක් පමණක් වර්ණ ගැන්වූ ඝනක ගණන 
= [ 2 (n1- 2) x (n2 -2)] +  [ 2 (n1- 2) x (n3 -2)] +  [ 2 (n2- 2) x (n3 -2)]
= 22


4.  පැති  දෙකක් පමණක් වර්ණ ගැන්වූ ඝනක ගණන
= 4 [  (n1- 2)  + (n2 -2) + (n3 - 2)] 
= 24


5.පැති තුනක් පමණක් වර්ණ ගැන්වූ ඝනක වන්නේ විශාල ඝනකයේ 
මුළු වල පවතින  කුඩා ඝනක වේ.
එනම් මුළු ගණන  8.   එම නිසා  පැති තුනක් වර්ණ ගැන්වූ  ඝනක ගණන 8


2. 1.

1 . ක්‍රමය 
රූප සටහනේ ආකාරයට අංකනය කර  දෙපස තිබෙන 
විශාලම සංඛ්‍යා 2 ගුණ කරන්න. 
පසුව ම සංඛ්‍යාවෙන් එක බැගින් අඩු කරමින් පහලට
ගුණ කරන්න.
(4x 4) + (3x 3) + (2x2) + (1x1) = 30

2 ක්‍රමය -  මෙහිදී පාද හතරම සමානයි නම් පමණක්
= 42 + 32 + 22 + 12
= 30


2. රූප සටහනේ ආකාරයට අංකනය කර  දෙපස තිබෙන 
විශාලම සංඛ්‍යා 2 ගුණ කරන්න. 
පසුව ම සංඛ්‍යාවෙන් එක බැගින් අඩු කරමින් පහලට
ගුණ කරන්න.
(4x 6) + (3x5) + (2x4) + (1x 5) + (2x 2) = 50


Friday, May 22, 2020

අභියෝග්‍යතාව හා බුද්ධි පරීක්ෂණය 2020.05.23

1. මගේ අත් ඔරලෝසුව පැයකට මිනිත්තු 8ක් අඩුවෙන් ක්‍රියාත්මක වේ. උදේ 8 ට එහි වේලාව නිවැරදි කරන ලදී. දැනට පැය තුනකට පෙර බලන විට එහි වේලාව ලෙස සටහන්වනුයේ පස්වරු 2.00 ලෙසය. දැන් නිවැරදි වෙලාව කීයද?

2. සාදයකට පැමිණි පිරිසෙන් පිරිසෙන් 65% ක් පිරිමින්ය. පැමිණි පිරිමින් ගෙන් 3/5 ක් අවිවාහකය. පැමිණි කාන්තාවන්ගෙන් 40% ක්  විවාහකය.
(i). පැමිණි පිරිසෙන් විවාහකයන්ගේ ප්‍රතිශතය සොයන්න.
(ii). අවිවාහක කාන්තාවන් හා විවාහක පිරිමින්ගේ අනුපාතය සොයන්න.

පිළිතුරු
01.
උදේ 8.00 සිට පස්වරු 2.00 දක්වා ගත වී ඇති ගණන = පැය 6
 අත් ඔරලෝසුවේ පැයකට ඇති මිනිත්තු ගණන= 60 - 8 = 52
අත් ඔරලෝසුවේ ගතවූ කාලය = 52 ×6 = මිනිත්තු312
නිවැරදි ඔරලෝසුවේ පැය ගණන = 312/60 = පැය 5 මිනිත්තු 12
අත් ඔරලෝසු වේ පස්වරු දෙකට නිවැරදි වේලාව = 8.00 + පැය 5 මිනිත්තු 12 = පස්වරු 1.12
දැන් නිවැරදි වේලාව  = 1.12+පැය 3 = පස්වරු 4.12

02.
 (i) විවාහක පිරිමින්ගේ ප්‍රතිශතය= 65 ×(1- 3/5)
= 65- 2/5
= 26%                                 
විවාහක කාන්තාවන්ගේ ප්‍රතිශතය = 35 × (40/100)
=14
විවාහකයින්ගෙ ප්‍රතිශතය = 26+14 = 40%
(ii) අවිවාහක කාන්තාවන් හා විවාහක පිරිමින් අතර ඇති අනුපාතය = (35-14)% : 26%
= 21:26

අභියෝග්‍යතාව හා බුද්ධි පරීක්ෂණය 2020.05.22

1. 20ත් 50ත් අතර ඇති ඔත්තේ සංඛ්‍යා වල සහ ඉරටටේ සංඛ්‍යා වල එකතුව වෙන වෙනම සොයන්න.
2. LOGARITHMS  මෙහි වෙනස් අකුරු 3 බැගින් යොදා ගෙන සෑදිය හැකි වචන ගණන  කියද?

Answers
1. ඔත්තේ සංඛ්‍යා වල එකතුව
20/2 = 10
10^2 = 100

50/2 = 25
25^2 = 625
625- 100= 525
ඉරට්ට සංඛ්‍යා වල එකතුව
20/2= 10
10*11= 110

50/2= 25
25*26= 650

659- 110=540
540- 50= 490

2. එකිනෙකට වෙනස් අකුරු 10ක් ඇත.
npr = n!/ (n-r)!
මෙහි n = 10
     r = 3
npr= 10*9*8*7*6*5*4*3*2*1/ 7*6*5*4*4*2*1
   = 10*9*8
   = 720

Wednesday, May 20, 2020

අභියෝග්‍යතාව හා බුද්ධි පරීක්ෂණය 2020.05.21

(01)
එක්තරා පුද්ගලයෙක් සූදු ක්‍රීඩාවක නිරතවීමට රාත්‍රී සමාජ ශාලාවකට ගියේය. ඔහුගේ ක්‍රීඩාව සඳහා ප්‍රතිඵල ලැබීමට මිනිත්තු 10 ක කාලයක් බලා සිටීමට සිදු වේ. පළමු මිනිත්තු 10 දී ඔහුට වාසනාව උදා වී තම මුදල දෙගුණයක් විය. නමුත් ඊළඟ මිනිත්තු 10දී ඔහුට රුපියල් 20ක් අහිමි විය. තුන්වන මිනිත්තු 10 දී නැවතත් ඔහුගේ මුදල දෙගුණයක් වූ අතර 4 වන මිනිත්තු 10 දී නැවතත් ඔහුට රු.20 ක් අහිමි වූයේ ය. නැවතත් ඔහුගේ මුදල දෙගුණයක් වී අවසාන රු.20 ද අහිමි වී හිස් අතින් නිවසට ඒමට සිදු විය. මෙම පුද්ගලයා ක්‍රීඩාව ආරම්භ කිරීමට යෙදූ මුදල සොයන්න.

(02)
මා ළඟ රු.5/=, රු.2/=, රු.1/= කාසි කිහිපයක් ඇත. රු.5/= කාසි තුනක් හා රු.2/= කාසියක් මල්ලිට දුන් විට ඉතිරි වූ රු.2/= කාසි ගණන රු.1/= කාසි ගණනට සමාන වූ අතර රු.5/= කාසි ගණන රු.1/= කාසි ගණන මෙන් දෙගුණයකි. මල්ලිට කාසි දීමට පෙර මා ලඟ තිබූ අවම කාසි ගණන කීයද?

Tuesday, May 19, 2020

20.05.2020 අභියෝගතාවය හා බුද්ධි පරීක්ෂනය

1. A හා B මගින් ටැංකිය පිරවීමට පිළිවෙලින් 15, 18 මිනිත්තු ගතවේ. C බටය මගින් ටැංකිය හිස් කිරිමට මිනිත්තු 45 ගතවේ, නම් බට තුනම එකවර විවෘත කළහොත් ටැංකිය පිරීමට ගතවන කාලය කොපමණ ද?
2. අරය අගල් දෙකක් වු නලයකින් ටැංකියක් පිරවීමට පැය 2ක් ගතවේ. අරය අගල් 4ක නලයකින් එම වේගයෙන්ම ටැංකියට ජලය පිරවීමට ගතවන කාලය කොපමණ ද?

Monday, May 18, 2020

අභියෝග්‍යතාව හා බුද්ධි පරීක්ෂණ 2020.05.19

1. තව වසර 15කින් පසු මාගේ දරුවන් තිදෙනාගේ වයස් වල එකතුව 107ක් නම් තව වසර 6කින් පසු ඔවුන්ගේ වයස් වල එකතුව  කොපමණ ද?

2.  ටැංකියක් සම්පූර්ණයෙන් පිරවීමට A නලයට පැය 01 මිනිත්තු 45ක් ගත වේ. ටැංකියෙන් 2/3ක් පිරවීමට B නලයට පැය 01ක් ගත වේ. A  නලය විවෘත කර මිනිත්තු 30 කට පසු B නලය විවෘත කළේ නම්, ටැංකියක් සම්පූර්ණයෙන් පිරවීමට ගත වන කාලය සොයන්න.

පිළිතුරු
1.
දැන් වයස්වල එකතුව = 107- (15×3) = 62
වසර 06කින් පසු වයස් එකතුව= 62+ (6×3) = 80

2.
A නලයේ පිරවුම් සීඝ්‍රතාව = 1/105
B නලයේ පිරවුම් සීඝ්‍රතාව = 2/180 = 1/90
මුල් මි. 30 දී ටැංකිය පිරෙන ප්‍රමාණය = 30/105
B නලය විවෘත කරන මොහොතේ ටැංකියේ හිස් ව ඇති ප්‍රමාණය = 1- 30/105 = 75/105
නල දෙක ම යොදා ගෙන ටැංකිය පිරවීමට ගතවන කාලය t නම්,
t/105 + t/90 = 75/105
t = මි. 34 තත්. 37
ටැංකිය සම්පූර්ණයෙන් පිරවීමට ගත වන කාලය =පැය 01 මි. 04 තත්පර 37

Sunday, May 17, 2020

අභියෝග්‍යතා හා බුද්ධි පරීක්ෂණය 2020.05.18


02020.05.18

1.  පහත  දැක්වෙන සංඛ්යා ජාලය 2 සිට 17 දක්වා අනුයාත සංඛ්යා එක්වරක් පමණක් යොදාගෙන සිරස් තිරස් විකර්ණ එකතුව 38 ක් වන පරිදි ගොඩ නගා ඉංග්රීසි අකුරු වලට හිමි අගය සොයන්න
 

17
3
A
B

D
11
9
C
8

13
5

16


02.   පහත  දැක්වෙන සංඛ්යා ජාලය 2 සිට 2 හි ගුණාකාර 25 ක්  භාවිත කර පහත වගුව පුරවා ඇත. එහි රටාව හදුනාගෙන A,B,C,D,E  ඉංග්රීසි අකුරු වලට හිමි අගය සොයන්නන  
 


22
A
14
40
6
8
24
C
16
E
34
10
26
42
18
20
B
2
28
44
46
12
38
D
30

පිළිතුරු


 01.  A=4
        B=14
        C=10
        D= 12

02.   A= 48
        B= 36
        C= 50
        D= 4
        E = 32

       





     






Saturday, May 16, 2020

අභියෝගීතාව හා බුද්ධි පරික්ෂණය 2020.05.17

01. කුඩා අහස් යානාවක ආසන  N, P, Q,R,S සහ T නැමති මගීන් හය දෙනාට වෙන් කර තිබේ. අහස් යානයෙන් තිබෙන ආසන 8 අංක 1 සිට 4 සංඛ්යාව දරන පේළි හතරකින් සමන්විත වන අතර, සෑම පේලියකම තිබෙන්නේ ආසන දෙකකි. මගීන්ට  ආසන වෙන්කර දී තිබෙන්නේ පහත දැක්වෙන කොන්දේසි සපිරෙන ආකාරයටය.


* N එක් පේළියක තනිව වාඩි විය යුතු .

* P හා R එකම පේලියේ වාඩි විය යුතුය.

* Q S වාඩිවී සිටින පේලියේ වාඩි විය නොහැකි .

* එක් මගියෙකු පමණක් වාඩිවී සිටින පේලි වන්නේ, පේලි අංක 1 සහ පේලි අංක 3


 i. Q සමග එකම පේලියේ වාඩි විය හැක්කේ කාටද ?

ii. P සහ R වාඩි වී සිටින්නේ පේලි අංක 2හි නම්, පහත  සඳහන් කුමක් ස්ථිරවම ස්ථීරවම ප්රකාශ කළ හැකිද 

  A. N වාඩිවී සිටින්නේ පේලි අංක 1හි .

  B. Q වාඩිවී සිටින්නේ පේලි අංක 1 හි .

  C. Q වාඩිවී සිටින්නේ පේලි අංක 4හි .

  D. S වාඩිවී සිටින්නේ පේලි අංක  4හි .


02. එක්තරා පාසලක ගුරුවරු පස්දෙනෙක් විද්යාව ,ගණිතය, සමාජ අධ්යනය, සිංහල හා කෘෂිකර්මය යන විෂයයන් උගන්වති. ඔවුන් උපාධි ලබා ඇත්තේ පේරාදෙනිය, රුහුණු, ශ්රී  ජයවර්ධනපුර, කැලණිය සහ කොළඹ යන විශ්ව විද්යාල වලිනි. ඔවුන් පත්වීම් ලබා ඇත්තේ  1985, 1988, 1990, 1995 සහ 1998 යන වර්ෂවල . විශ්ව විද්යාල, පත්වීම් ලද වර්ෂය, විෂයන් දක්වා ඇත්තේ  අනුපිළිවෙලට නොවේ.

* සමාජ අධ්යයනය උගන්වන ගුරුවරයා උපාධිය ලබා ඇත්තේ කොළඹ විශ්ව විද්යාලයෙන්  වන අතර කෘෂිකර්මය උගන්වන ගුරුවරයා උපාධිය ලබා ඇත්තේ රුහුණු විශ්ව විද්යාලයෙන් .

* කැලණිය විශ්වවිද්යාලයෙන් උපාධිය ලබා ඇති ගුරුවරයා  පත්වීම් ලබා ඇත්තේ 1990 දී වන අතර රුහුණු විශ්ව විද්යාලයෙන් උපාධිය ලබා ඇති ගුරුවරයා  පත්වීම් ලබා ගෙන ඇත්තේ 1985දීය.

* විද්යා ගුරුවරයා උපාධිය ලබා ඇත්තේ ශ්රී ජයවර්ධනපුර විවිශ්වවිද්යාලයෙන් වන අතර ඔහු පත්වීම් ලබා ඇත්තේ 1995දී .

* සිංහල ගුරුවරයා පත්වීම් ලබා ඇත්තේ 1990 දී හෝ 1998දී නොවේ .

i. ගණිත ගුරුවරයා පත්වීම් ලබා ඇත්තේ කුමන වර්ෂයේ ?

ii. සමාජ අධ්යයන ගුරුවරයා පත්වී ලබා ඇත්තේ කුමන වර්ශයේද ?

iii. පේරාදෙණිය විශ්වවිද්යාලයෙන් උපාධිය ලබා ඇත්තේ කුමන ගුරුවරයාද?


iv. 1985 දී පත්වීම් ලද ගුරුවරයා කවුද?

පිළිතුරු 
01.
i. T
* Q සමග එකම පේළියේ P හෝ Rට වැඩි විය නොහැක.  ඒ ඔවුන් දෙදෙනා එකම පේළියේ සිටින නිසා ය. Q සමග S ට ද වාඩි විය නොහැක.Q සමග N ට සිටිය නොහැක්කේ N තනිව සිටිය යුතු නිසාය. ඒ අනුව පිළිතුර T ය.

1


2


3


4










ii. C
*A. N ට 1ආසනයේ මෙන්ම 3 ආසනයේ ද වාඩි විය හැකිය එහෙයින් මේ අසත්‍ය වේ.
B. අසත්‍ය වේ. 1 ආසනයේ N හෝ S විය යුතුය.
C. නිවැරදි ය .
D. S ට 3 ආසනයේ මෙන්ම  1 ආසනේ ද සිටිය හැකි ය 
T 4 ආසන විය යුතුය.
එම නිසා නිවැරදි C පිළිතුර 

1
N/S

2
P
R
3
N/S

4
Q
T










02. 

පේරාදෙනිය
රුහුණු,
ශ්රී  ජයවර්ධනපුර,
කැලණිය
කොළඹ
විද්යාව
×
×
Correct
×
×
ගණිතය
×
×
×
Correct
×
සමාජ අධ්යනය,
×
×
×
×
Correct
සිංහල
Correct
×
×
×
×
කෘෂිකර්මය
×
Correct
×
×
×

1988
1985
1995
1990
1998

i. 1990     ii. 1998     iii. සිංහල     iv. කෘෂිකර්මය


අභියෝග්‍යතාව සහ බුද්ධි පරීක්ෂණය 2020.06.27

01. විමලා, රාධා, ආමිනා ලිපිකාරිණියන් තිදෙනෙකි. නිමල් හා නාදන් ලිපිකරුවන් දෙදෙනෙකි. තව ද  ආමිනා හා නාදන් ආධුනිකයන් ය. මොවුන් අතරින් ත...